ලොව බලවත් රටවල් දෙකක් වන ප්‍රංශය සහ ඉරානය අතර න්‍යෂ්ඨික සබඳතා ඇති කර ගැනීම සඳහා යළිත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා දෙරට අතර දැඩි කොන්දේසිද පනවා ඇති බවයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසන්නේ.

ඉරාන ජනාධිපති හසන් රොහානි සමග 2015 වසරේදීද මෙවැනිම එකඟතාවකට පැමිණ ඇති අතර, ප්‍රංශ ජනාධිපතිවරයා එම ගිවිසුමේ ප්‍රතිවිපාක මත එය අත්හැර දමා තිබෙනවා.

කෙසේ වෙතත්, දෙරටේ ඇති යුදමය ශක්තිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් නැවතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් සලකා බලන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

LEAVE A REPLY