ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මූලික වටයේ සියලූ තරග ඊයේ නිමාවට පත්වූ අතර, ඊයේ තරග ජයග්‍රහණයත් සමග ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට පැමිණියා.

ඒ අනුව ඔවුන්ට අවසන් පූර්ව වටයේදී මුහුණදීමට සිදුවන්නේ නවසීලන්තයටයි.

එම තරගය මැන්චෙස්ටර් හිදී එළඹෙන 09 වනදා පැවැත්වෙනු ඇති.

ඊයේ පැවති අනෙක් තරගයේදී ප්‍රබල ඕස්ට්‍රලියානු පිල පරදවා ලකුණු 10 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

ඔස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර ලබන 11 වනදා අවසන් පූර්ව වටයේ දෙවන තරගය එඞ්ග්බැස්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY