ධීවර යාත‍්‍රා යොදා ගනිමින් නීතිවිරෝධී ලෙස සිදු කරන කි‍්‍රයාකාරකම් වැළැක්වීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය හා මිනිස් ජාවාරම් වලට ධීවර යාත‍්‍රා යොදා ගන්නා බවයි ධීවර අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව එවැනි පුද්ගලයන්ට නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම මෙම නව වැඩපිළිවෙලේ අරමුනයි.

මේ අතර මෙරට ලියාපදිංචි ධීවර යාත‍්‍රා අනවසරයෙන් වෙනත් රටවල ආර්ථික කලාප වලට ඇතුලුවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවද ධීවර අමාත්‍යංශය සදහන් කළා.

LEAVE A REPLY