ස්ථාන ගණනාවක පිපිරීම් සිදුවෙද්දී ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණි ප‍්‍රහාරකයා බෝම්බය පුපුරුවා නොගත්තේ ඇයි ද යන්න පිළිබද කරුණු අනාවරණ කරගනීම ඉතා වැදගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනාව. ඔහු මේ බව කියා සිටියේ අපේ‍්‍රල් 21 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සම්බන්දයෙන් සොයා බැලීම ස`දහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දක්වමින්.

දයාසිරි ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන් තවත් කාරණයක් වන්නේ සහරාන් හෂීම් යන අය මෙවැනි ප‍්‍රහාරයක් සදහා උපායක් ලෙස යොදා ගෙන ඇතිදැයි සැකයක් මතුවන බවයි. එය ජාත්‍යන්තර මැදිහත් වීමක ප‍්‍රතිපලයක් විය හැකි බව ද ඔහු කියා සිටියා. එමෙන්ම මෙම ප‍්‍රහාරය අයිඑස් අයිඑස් සංවිධානය විසින් කළ සැළසුමක් බව දේශපාලඥයින් විසින් ප‍්‍රකාශ කළ ද සහරාන් හෂීම් යන අය හා අයිඑස් අයිඑස් සංවිධානය අතර සම්බන්ධයක් මේ දක්වා නිල වශයෙන් තහවුරු වී නොමැති බව දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

LEAVE A REPLY