දේශපාලන පළිගැනීම්වලින් පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ වුණා. 2015 වසරට පෙර පැවති පාලන සමයන් තුළදී එක්සත් ජාතික පක්ෂයේ 30,000 කට අධික පිරිසක් විවිධ ආකාරයේ පළිගැනීම්වලට ලක්ව ඇති බවයි අනාවරණ වී තිබෙන්නේ. දේශපාලන පළිගැනීම් සදහා සොයා බැලීමට පත්කරන ලද කමිටුවක නිර්දේශ මත මෙම වන්දි ලබාදීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මකයි.

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කටයුතු පිළිබද කාර්යාලය සදහන් කළේ දේපොල හානි, ශාරීරික පීඩාවන් සහ ජීවිතක්ෂයට පත්කිරීම් වැනි සිදුවීම්වලින් පීඩාවට පත් වූ ජනතාව කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරන බවයි.

එමෙන්ම වෘත්තිය වශයෙන් උසස් වීම් ලබා නොදීම, වැටුප් ඉහළ නොදැමීම සහ දුෂ්කර ප‍්‍රදේශ වෙත ස්ථාන මාරු කිරීම වැනි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින සියලූදෙනාට ද මෙම වැඩපිළිවෙල යටතේ සහන ලබාදීමට නියමිතයි. එම සහන සැළසීමේ බලය අදාළ අමාත්‍යංශ භාර අමාත්‍යවරුන්ට සහ ලේකම්වරුන්ට පවරා තිබෙනවා.

මේ අතර රත්නපුර, ආනමඩුව, ඇඹිලිපිටිය, කෑගල්ල , අනුරාධපුරය ඇතුලූ ප‍්‍රදේශ ගණනාවකදී සිදුකරන ලද පහරදීම් හා වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත්කරන ලද පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වන්දි ලබාදීමට ද පියවර ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති පිළිබ`ද කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

LEAVE A REPLY