India's Ravindra Jadeja (2R) celebrates with teammates after the dismissal of New Zealand's Henry Nicholls during the 2019 Cricket World Cup first semi-final between India and New Zealand at Old Trafford in Manchester, northwest England, on July 9, 2019. (Photo by Dibyangshu Sarkar / AFP) / RESTRICTED TO EDITORIAL USE (Photo credit should read DIBYANGSHU SARKAR/AFP/Getty Images)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ දිනයට අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.

ඒ, වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන්.

මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම, ඉන්දියාවට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 46 යි පන්දු 1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණූ 211ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය තාවකාලිකව නතර කෙරෙණු අතර, පසුව තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව තරගයේ අමතර දිනය වන අද දිනය දක්වා තරගය කල් දැමුණා.

අද දිනයේ දී තරගය යළි ආරම්භ වන්නේ නවසීලන්ත ඉනිමේ යවා ඇති පන්දුවාර 46 යි එක් පන්දුවේ සිටයි.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 67ක් ලබා ගත් අතර, රෝස් ටේලර් නොදැවී ලකුණු 67ක් රැස් කර කඩුල්ලේ රැදී සිටිනවා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY