මාසික මිල සූත්‍රයට අනුව මිල සමාලෝචනය සඳහා ඉන්ධන මිල කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.

මිල සුත්‍රයට අනුව පසුගිය මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දැමුණා.

කෙසේ වෙතත්, සෙසු ඉන්ධනවල මිල ඉහළ නොදැමීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කළේ.

ලෝක වෙළදපලේ බොරතෙල් බැරලයක මිල පසුගිය මස 10 වනදා වන විට අමරිකානු ඩොලර් 62 ක අගයක පැවතියා.

ඊයේ දිනය වන විට එම අගය අමරිකානු ඩොලර් 64 යි ශත 72 ක් ලෙසයි සටහන්වී තිබුණේ.

ප්‍රධාන බොරතෙල් සැපයුම්කරුවෙකු වන ඉරානයට පසුගියදා අමෙරිකාව විසින් සම්බාධක පනවනු ලැබුවා.

ලෝක වෙළෙදපළේ බොරතෙල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව එය ලෙසටයි මේ වනවිට අනාවැකි පළවන්නේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY