අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණියක අද ජීවිතක්ෂයට පත්වුණා. මඩකලපුව සියොන් වස්ථානයේ දේව මෙහෙයට එක්ව සිටින අතරතුරයි ඇය ප‍්‍රහාරයට ගොදුරු වී තිබුණේ.

තුවාල ලැබූ ඇය මඩකලපුව රෝහලට ඇතුලත් කළ අතර පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා යොමු කර තිබුණේ රාගම රෝහල වෙතයි. කෙසේ වෙතත් ඇය අද ජීවිතක්ෂයට පත් වූ බවයි රාගම රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ. උමා ශංකරී නැමැති ඇය මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි තරුණියක්. ප‍්‍රහාරය එල්ල වී දින 80 කට පසුව සිදු වූ මෙම මරණය අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයේ භයංකාරත්වය යළි සිහිපත් කිරීමට මුල් වූ කාරණයක් ලෙස ද හැදින්විය හැකියි.

මේ අතර අපේ‍්‍රල් 21 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සදහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 262 ක මුදලක් මේ වන විට වැයකර තිබෙන බව රජය පවසනවා. මරණයට පත් වූ පුද්ගලයින් 263 දෙනෙකු අතරින් මේ වන විට 201 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 198 ක මුදලක් වන්දි ලෙස පිරිනමා තිබෙනවා. තුවාල ලැබූ 438 දෙනෙකු වෙත රුපියල් මිලියන 64 ක වන්දියක් ද ලබාදී ඇති බව රජය නිවේදනය කළා. එමෙන්ම කටුවාපිටිය, මඩකලපුව සියෝන්, කොච්චිකඬේ යන දේවස්ථාන ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 25 ක මුදලක් වැය කිරීමට ද නියමිතයි.

LEAVE A REPLY