රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කුමනාකාරයේ තීරණයක් ගන්නේ ද යන්න අද දිනයේ දී තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්තිරන් මහතා මාධ්‍යවේදීන් වෙත දැනුම් දී සිටියේ ඒ වෙනුවෙන් අද පෙරවරු 10 ට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැස්වීමට නියමිත බවයි.

සෑම පාර්ශ්වයකින්ම ඉදිරිපත් වන කරුණු කාරණා සළකා බැලීමෙන් අනතුරුව රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගය පැහැදිලිව තීරණය කරන බවයි සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ අසමත් ආණ්ඩුව ඉවත් කිරීමේ සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ වගකීම වන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට සහ ආර් සම්බන්ධන් මහතාට අද දිනයේදී රජයට විරෝධය පළ කිරීමට අවස්ථාව උදා වී තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.

LEAVE A REPLY