MANCHESTER, ENGLAND - JULY 10: New Zealand celebrate winning the Semi-Final match of the ICC Cricket World Cup 2019 between India and New Zealand after weather affected play at Old Trafford on July 10, 2019 in Manchester, England. (Photo by Clive Mason/Getty Images)

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ දෙවැනි දිනටත් පැවැත්වුණේ මැන්චෙස්ටර් එමිරේට්ස් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදීයි.

එහිදී නවසීලන්තය, ඉන්දීය කණ්ඩායම ලකුණු 18 කින් පරාජය කිරීමට සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 239ට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 221 ක් පමණයි.

කඩා වැටී තිබූ ඉන්දීය ඉනිම ගොඩ ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සහ රවින්ද්‍ර ජඬේජා එක්ව අගනා ශතක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුවද අවසන් මොහොතේ එය බිඳ වැටී ගියා.

කෙසේ වෙතත්, ඊයේ පැවති මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ද මහත් උනන්දුවෙන් නැරඹූ තරගයක් බවට පත්වුණා.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැක ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් වැඩි පිරිසක් නවසීලන්ත කණ්ඩායමට සහාය දක්වන ආකාරයයි.

මේ අතර, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද ඕස්ට්‍රලියාව සහ සත්කාරක එංගලන්තය අතර බර්මින්ග්හැහ් හිදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY