ගායක ඉරාජ් වීරරත්නගේ නිල ෆෙස්බුක් පිටුව රජය විසින් ඉවත් කිරීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

ඔහුගේ පිටුව පිළිබදව ෆෙස්බුක් පරිශීලකයන් හෝ වෙනත් යම් කණ්ඩායමක් විසින් දිගින් දිගටම ෆෙස්බුක් වෙත සිදුකරන ලද වාර්තා කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අවහිර වීම සිදුව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ.

ෆෙස්බුක් ආයතනයෙන් ඔවුන්ගේ මාර්ගෝපදේශනයන් පිළිනොපදින පිටුවක් යැයි සලකා එම පිටුව අවහිර කර ඇති බවද නිවේදනයේ සඳහන්.

ඉරාජ් වීරරත්නගේ පිටුව තම මාර්ගෝපදේශන පිළි නොපදිනවා යැයි කෘතීම බුද්ධිය අනුව තීරණය කර අවහිර වීමේ අවදානමක් ඇතැයි පෙර සිටම අනතුරු අඟවා ඇති බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළා.

කෙසේ වෙතත්, එම අනතරු ඇගවීම් වලින් පසුව ඔහුගේ නිල ෆෙස්බුක් පිටුව අවහිර කර ඇති බව සඳහන්.

ෆෙස්බුක් පිටු අවහිර වීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් වන අතර, මෙම ස්වයංක්‍රීය ක්‍රියාවලියට කිසිදු ෆෙස්බුක් නියෝජිතයෙක් හෝ කිසිදු ශ්‍රීලාංකික දේශපාලන පක්ෂයක් මැදිහත් වී නොමැති බවත් එම සංගමය ප්‍රකාශ කළා.

LEAVE A REPLY