නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි ප්‍රදර්ශනය අනුරාධපුරය ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

මෙම මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා පුරා දින හතරක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී එම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

නව ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙළට සහ වසර 2025 දී පොහොසත් රටක් බිහි කිරීමේ දැක්මට උතුරුමැද පළාතේ පිරිස් වැඩි වැඩියෙන් එක්කර ගැනීමට මෙවර ප්‍රදර්ශනය තුළින් රජය බලාපොරොත්තු වනවා.

නව ව්‍යවසායකයෙකුට ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය මූලික කරුණු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම පිළිබද දැනුම්වත් කිරීම සහ එම ණය ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමේ ජංගම සේවාවක්ද මෙම දින හතර පුරාම ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

මෙහිදී රජයේ සහ පෞද්ගලික දෙඅංශයේ සෑම බැංකුවකම ප්‍රධානීන් හා බලයලත් නියෝජිතයන් එක්ව ජනතාවට සේවා සපයනු ඇති.

LEAVE A REPLY