ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනස් දේශපාලන ගමනකට අවතීර්ණ වීමට සූදානම් වනවා. ඒ එක්සත් සන්ධානයක් බිහි කිරීමට නායකත්වය ලබාදෙමින්.

ලංකා කම්කරු කොංග‍්‍රසය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා කොංග‍්‍රසය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදි විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ ඒකාබද්ධ කරමින් මෙම සන්ධානය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තැබුණේ අද පෙරවරුවේදීයි.

වතුකරයේ වෙසෙන දෙමළ ජනතාවගේත් උතුරු හැ නැගෙනහිර ජීවත් වන දෙමළ ජනතාවගේ ගැටලූවලට විසදුම් ලබාදීම නව සන්ධානයේ අරමුණ බවයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා කොංග‍්‍රසයේ සභාපති ප‍්‍රභා ගනේෂන් මහතා සදහන් කළේ.

LEAVE A REPLY