මරණීය දණ්ඩනය නියමව සිටින ඉන්දික බමුණුසිංහ යන අය සිය පශ්චාත් උපාධිය හිමි කරගත්තා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලවේ පැවති උපාධි ප‍්‍රදානෝත්සවයේ දී ශාස්ත‍්‍රපති උපාධිය හිමිකර ගත් ඉන්දික බමුණුසිංහ ඉතිහාසයට එක්වෙන්නේ බන්ධනාගාරගතව සිට උපාධිය හිමිකර ගත් මෙරට පළමුවන රැදවියා ලෙසයි.

එමෙන්ම එම දක්ෂතාව දැක්වූ ලොව පස්වැන්නා වන්නේ ද බමුණුසිංහයි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් මෙහෙයවන සමාජ විද්‍යා විෂය ධාරාවේ පශ්චාත් උපාධිධාරියෙකු ලෙසයි ඔහුට සහතික හිමිවුණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය සමාජ විද්‍යාව අපරාධ විද්‍යාව ඇතුලූ විෂයන් ගණනාවක් හදාරමින් ඔහු මෙම ඉලක්කය පසු කළා.

ඔහු මෙම ව්‍යායාමයේ නිරත වුණේ පහසු පරිසරක් තුළ සිටිමින් නොවේ. දේශනවලට පවා සහභාගී වීමට ඔහුට අවස්ථාව හිමිවූයේ නැහැ. කෙසේවෙතත් ඔහුගේ බිරිද විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ වෙමින් දේශන පටිගත කොට බන්ධනාගාරගතව සිටින බමුණුසිංහ වෙත ලබාදීමට කටයුතු කර තිබුණා. එමෙන්ම පොත්පත් ලිපිලේඛන ආදිය සපයමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද ඔහුට පූර්ණ සහය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

 

LEAVE A REPLY