යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් ද කෙයාර්ශෝව් මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඔහු ශ්‍රි ලංකාවට අමතරව මාලදිවයිනේ ද සංචාරය කිරිමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ.

හෙට දිනයේ සිට ලබන 16 වන දින දක්වා ඔහු මෙම සංචාරයේ නිරත වන බවද එම නිවේදනයේ සඳහන්.

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවලට සහය දැක්වීම මෙම සංචාරයේ අරමුණයි.

ජිල් ද කෙයාර්ශෝව් මෙම සංචාරය තුළදී ආණ්ඩු සහ විපක්ෂයේ නියෝජිතයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම සිවිල් සංවිධාන නියොජිතයන් සමඟ සාකච්ඡා කිරිමට නියමිත බව යුරෝපා සංගමය සඳහන් කළා.

LEAVE A REPLY