ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡුන්ද 27 කින් අද පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡුන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව හිමිවූ ඡුන්ද සංඛ්‍යාව 119 ක්.

ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට පක්ෂව ඡුන්ද ප‍්‍රකාශ කළා. එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කර තිබුණා.

ඡුන්දය විමසන අවස්ථාවේදී දුමින්ද දිසානායක, එස් බී නාවින්න, විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගංකන්ද, මහින්ද සමරසිංහ, අශෝක ප‍්‍රියන්ත, ඩග්ලස් දේවානන්දා, ශිවශක්ති ආනන්දන් සහ වී. රාධාක‍්‍රිණ්න් යන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවේ නොසිටි බවටයි තොරතුරු වාර්තා වුණේ.

LEAVE A REPLY