ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද වීමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දිනයේ ආරම්භ වු අතර මේ වනවිටත් එම විවාදය පැවැත්වෙනවා.

විවාදයෙන් අනතුරුව අද පස්වරු 6.00ට විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

මේ අතර, ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යොජනාව සම්මත කර ගැනිමට ආණ්ඩු විරෝධි සියලු මන්ත්‍රිවරුන්ගේ සහය අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා කියාසිටියා.

අද පෙරවරුවේ වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමිනුයි බිමල් රත්නායක මහතා මෙම ඉල්ලීම සිදු කළේ.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මන්ත්‍රිවරුන් ද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යොජනාවට සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියාසිටියා.

එමෙන්ම, විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන්නේ ද නැද්ද යන්න පිළිබදව අද දිනයේ රැස්වී අවසන් තිරණයක් ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානය ඊයේ ප්‍රකාශ කළේ.

LEAVE A REPLY