අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිමින් තමන් දන්නා දේ හෙළිදරව් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම සත්‍ය හදුනාගැනීමේ උත්සහයක නිරත වන්නේ පුද්ගලයින්ට හෝ දේශපාලන පක්ෂ තලාපෙලා දැමීමට නොවන බවත් වැරදි අඩුපාඩු නිවැරදි කරගැනීම එමගින් අපේක්ෂා කරන කාර්යය බවත් අගමැතිවරයා පැවසුවා.

ඔහු මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින්.

එමෙන්ම රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් රජයේ නිරවද්‍යභාවය නැවතත් තහවුරු වූ බවද අගමැතිවරයා පැවසුවා.

LEAVE A REPLY