ගිවිසුම්වලට එළැඹීමට පෙර ආණ්ඩුව ඒ පිළිබඳ ජනතාවගේ කැමැත්ත විමසා බැලිය යුතු බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

කෙටි කාලයකට පාලන බලයට පැමිණෙන දේශපාලනඥයන් දීර්ඝ කාලීන ගිවිසුම්වලට එළැඹීම ජනතාවට සිදුකරන අසාධාරණයක් බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියඞ් මේ බව කියාසිටියා.

මේ අතර, සෝෆා ගිවිසුමට මහනායක හිමිවරුන් සහ කාදිනල් හිමිපාණන් ලිඛිතව සිය විරෝධතාව පළ කිරීම කාලෝචිත බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කියාසිටියා.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතාට පාර්ලිමේන්තු විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ඇති දුෂ්කරතාවය මත ජනතා විශ්වාසභංගයක් ගෙන ඒමට තම සංගමය තීරණය කළ බවයි.

LEAVE A REPLY