අද රැස්වීමට නියමිතව තිබූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එළැඹෙන 24 වැනිදා උදෑසන 10.30 දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා.

එදිනට රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් සාක්ෂි ලබාදීම සඳහා කැඳවා ඇති බව සඳහන්.

මීට අමතරව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන මහත්වරුන්ද එදිනට සාක්ෂි ලබාදෙනු ඇති.

තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මුල් සතිය වනවිට නිකුත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY