අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය වළක්වා ගැනිමට කටයුතු නොකළ බවට චෝදනා එල්ල කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබද විභාගය ලබන 25 වනදා දක්වා කල් තැබුණා.

ඒ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තීරණයකට අනුවයි.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේ අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන අයට අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අදාළ පෙත්සම්වලින් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන අය වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවද අවධාරණය කළ නීතිපතිවරයා පෙන්වා දුන්නේ තම රාජකාරියේ භූමිකාව ඉටු කිරිමට සහ විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බවයි.
කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේලබන 25 සහ 26 දෙදින තුළ මේ පිළිබ`ද වැඩිදුර සළකා බැලීමටයිි.

LEAVE A REPLY