රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆෙස්බුක් ගිණුම්, ෆෙස්බුක් පිටු හෝ ෆෙස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත් නොකරන බව ෆෙස්බුක් සමාගම පවසනවා.

ෆෙස්බුක් සමාගම හා ෆෙස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව පිළිපදින බවයි එම සමාගමේ නිලධාරීන් සඳහන් කළේ.

ෆෙස්බුක් සමාගමේ නැගී එන වෙළෙඳපොළවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් එම කරුණු අවධාරණය කර තිබෙනවා.

පසුගිය දා රජය විසින් සිය නිල ෆේස්බුක් පිටුව අවහිර කර ඇති බව ගායක ඉරාජ් වීරරත්න චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත්, ඔහුගේ ෆෙස්බුක් පිටුව රජය විසින් ඉවත් කිරීමක් සිදුකර නොමැති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඊයේ නිවේදනය කළේ.

ඔහුගේ පිටුව පිළිබදව ෆෙස්බුක් පරිශීලකයන් හෝ වෙනත් යම් කණ්ඩායමක් විසින් දිගින් දිගටම ෆෙස්බුක් වෙත සිදුකරන ලද වාර්තා කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අවහිර වීම සිදුව ඇති බවද එම සංගමය පෙන්වා දුන්නා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY