පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පෙරවරු 10 ට යළි රැස්විමට නියමිතව තිබෙනවා.

අද දිනයේ තේරිම් කාරක සභාව හමුවට කැදවා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කිහිප දෙනෙක්.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් තේරිම් කාරක සභාව හමුවේ පෙනි සිටිමට නියමිතයි.

මීට අමතරව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර හා රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ද කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හා නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ පසුගියදා පෙනිසිටියා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY