රිෂාඞ් බදියුදින් ඇතුලූ ඉල්ලා අස් වූ පිරිස යළි අමාත්‍ය ධුර
භාරගැනීමට තීරණය කිරීමත් සමග දේශපාලන කරලිය ද නැවත උණුසුම් වෙමින් පවතිනවා.

ඇතැමුන් පෙන්වා දෙන්නේ රිෂාඞ් බදියුදින් මහතා හැර සෙසු පිරිස ඇමති දුර භාර ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නොමැති බවයි.

එහෙත් රිෂාඞ් බදියුදින් මහතාට යළි ඇමතිවරයෙකු ලෙස කටයුතු කිරීමට සාදාචාරාත්මක අයිතියක් නොමැති බව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ අතැමුන්ගේ ද මතය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටින්නේ රිෂාඞ් බදියුදින් මහතාද අමාත්‍යවරයෙකු ලෙස වැඩභාරගතහොත් ඔහුට එරෙහිව නැවතත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.

චෝදනා සගවමින් රිෂාඞ් බදියුදින් වැනි අයට අමාත්‍ය ධුර ලබාදීම සදහා රජය උත්සහ කරමින් සිටි බවට ද උන්වහන්සේ චෝදනා කළා.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා ස`දහන් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පසුපෙළ මන්ත‍්‍රිවරුන් ද බදියුදින් මහතා අමාත්‍යවරයෙකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් සිටින බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ෆයිසාල් කාසිම් මහතා ප‍්‍රකාශ කළේ නොබෝ දිනකින් ඉල්ලා අස් වූ පිරිස නැවතත් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිතව ඇති බවයි.

LEAVE A REPLY