BIRMINGHAM, ENGLAND - JULY 11: Joe Root and Eoin Morgan celebrate victory by 8 wickets during the Semi-Final match of the ICC Cricket World Cup 2019 between Australia and England at Edgbaston on July 11, 2019 in Birmingham, England. (Photo by Gareth Copley-IDI/IDI via Getty Images)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ පැවැති දෙවන අවසන් පූර්ව තරගයෙන් ඔස්ටේ්‍රලියාව පරදා කඩුලූ 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

බර්මිංහැම් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දුවට පහරමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 49කදී සියලූ දෙනා දැවී ලකුණු 223ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 32 යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළාග

එංගලන්තය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ 1992 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන් ලබන ඉරිදා නවසීලන්තයට එරෙහිව ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගනයේ දී අවසන් මහා තරගය සදහා තරග වදිනු ඇති.

නවසීලන්තය සහ එංගලන්තය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී මෙතෙක් ලෝක කුසලානයක් ජය ගෙන නැහැ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY