පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ රටවල් මගින් නිකුත් කල සංචාරක අවදානම් නිවේදන මේ වනවිට සියයට 80ක් පමණ ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සදහන් කලේ පසුගිය මැයි මස 20 වනදා සිට තානාපති කාර්යාල ඔස්සේ අදාළ රටවල නායකයින් දැනුවත් කිරීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

එහි සාර්ථකත්වය මත එම රටවල් සංචාරක අවදානම් නිවේදන ඉවත්කරගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, සංචාරකයින්ගේ දෛනික පැමිණීම මෙම වසරේ මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාල සීමාව තුළදී සියයට 66 කින් වර්ධනය වී ඇති බවයි.

ලොව සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව ද පසුගියදා ප්‍රකාශයට පත් කළා.

(ඉමේෂි ද සිල්වා)

LEAVE A REPLY