මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමේ වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවට වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පෞද්ගලික මන්ත‍්‍රි යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින්.

ජීවත් වීමේ අයිතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාවන් ඉක්මවීමේ නීති වර්තමානයට නොගැළපෙන බවත් එම යෝජනාවේ දැක්වෙනවා.

මෙම යෝජනාව අද පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණද සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් ඊට ඉඩ ලැබුණේ නැහැ.

මූලාසනයේ සිටි මන්ත‍්‍රිවරයා සීනුව නාද කළ ද සභා ගැබට පැමිණියේ මන්ත‍්‍රිවරුන් 9 දෙනෙකු පමණයි. මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් තැබීමට මූලාසනයට සිදුවුණා.
මේ අතර මත්කුඩු ජාවාරම්කරුවන්ට, ළමා අපචාරකයින්ට සහ
ස්ත‍්‍රි දූෂිකයින්ට මරණ දඩුවම ලබාදිය යුතු බවට වූ යෝජනාවක් මාතලේ ප‍්‍රාදේශීය සභාව අද ඒකමතිකව සම්මත කළා. එවැනි අපරාධකරුවන්ට එම දඩුවම ප‍්‍රසිද්ධියේම ලබාදිය යුතු බවයි එහිදී තීරණය වුණේ.
මාතලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා ප‍්‍රකාශ කළේ සමාජ පරිහානිය වැළැක්වීමට ඇති සුදුසුම ක‍්‍රමවේදයක් ලෙස මරණීය දණ්ඩනය හදුන්වා දිය හැකි බවයි.

LEAVE A REPLY