දුප්පත්කම හේතුවෙන් පිළිකා රෝගීන්ට මරණය වැළද ගැනීමට සිදු වූ යුගය වෙනස් කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් උදා කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු හෝ හොදක් නොකියන බවයි.

කෙසේ වෙතත් රෝගින් වෙනුවෙන් ලබාදුන් සහන අහිමි කිරීමට බහුජාතික සමාගම් සහ ඒ මත යැපෙන දේශපාලකයින් මෙන්ම වෛද්‍යවරුන් ද ක‍්‍රියාකරමින් සිටින බව ඔහුගේ චෝදනාවයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා.

ජනතාවට වඩාත් සංවේදී කාරණාවලදී දේශපාලකයින් හා වැදගත් වෘත්තිකයින් වගකීමකින් ක‍්‍රියා කළ යුතු යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ යම් යම් අවස්ථාවල අසන්නට ලැබෙන අයහපත් කාරණා සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු බවයි.

LEAVE A REPLY