අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට වූ චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර ඇති සියලුම පෙත්සම් අද සළකා බැලීමට නියමිතයි.

ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම තුලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව එම පෙත්සම්වල සඳහන්.

LEAVE A REPLY