19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ අරුණ දීපාල් මහතා පවසනවා.

අද පෙරවරුවේ විකාශය වූ වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ, එම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන විට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ සහ වර්තමානයේ සිදුකරන ප්‍රකාශ හුදු කතාවක්ම පමණක් බවයි.

යුක්තියට හඬක් සංවිධානයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලලිත් පියුම් පෙරේරා මහතාද අද සිද්ධමුල්ල වැඩසටහන සඳහා එක්වුණා.

එහිදී ඒ මහතා කියාසිටියේ, වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ ව්‍යවස්ථාවට සංශෝධන පැමිණෙන්නේ පුද්ගල සාධක කේන්ද්‍ර කරගෙන පමණක් බවයි.

LEAVE A REPLY