ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට යෝජනා කරන පුද්ගලයා අගෝස්තු මස 10 වැනිදා වන විට තමන්ගෙ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු නිරාකරණය කරගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වනවා.

අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීන්දු කර විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දිය යුතු බවයි එහිදී සාකච්ඡා වී ඇත්තේ.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් අගෝස්තු 10 වැනිදා වන විට සිය ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගත යුතු වනවා.

කෙසේ වෙතත්, මේ වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා චමල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අයගේ නම් යෝජනා වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාට අමතරව තවත් නම් කිහිපයක් අදාළ සාකච්ඡාවේදී යෝජනා වී ඇති අතර, එහිදී ඇති කරගත් එකඟතාවක් මත එය හෙළි නොකිරීමටයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පියවර ගෙන ඇත්තේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීන්දු කිරීමට අමතරව පොදුජන පෙරමුණ පිහිටුවීමට බලාපොරොත්තු වන නව සන්ධානයේ ව්‍යවස්ථාව, ප්‍රතිපත්ති මාලාව හා වැඩපිළිවෙළ ද අගෝස්තු මස 11 වැනිදා එළිදැක්වීමට නියමිතයි.

LEAVE A REPLY