මොහොමඞ් සහරාන් යන අයගේ තවත් ගෝලයෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

මෙම සැකකරු නුවරඑළියේ පිහිටි සහරාන්ට අයත් කඳවුරකදී අවි පුහුණුව හා ප්‍රහාර එල්ල කිරීමේ පුහුණුව ලබා ඇතැයිද බුද්ධි අංශ විසින් අනාවරණ කර තිබෙනවා.

මාවනැල්ල, අරනායක, විල්පොල යන ගම්මානයේ පදිංචි මොහොමඞ් තාජුධීන් අහමඞ් නැමැති 20 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුද වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමටයි පියවර ගෙන තිබෙන්නේ.

LEAVE A REPLY