රටට ජාතියට නව සංවර්ධන මාවතක් අවශ්‍ය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවැසුවේ කොළඹ නවනගර ශාලාවේ දී හෙට පිණිස අද ජාතික ජනබලවේගය යන තේමාවෙන් යුතුව සංවිධාන කර තිබූ සංවාද සභාවට එක්වෙමින්.

නිදහසෙන් අනතුරුව මේ දක්වා සිදුකළ සියළු කි‍්‍රයාදාමයන් අසාර්ථක වී ඇති බවත්, එම තත්ත්වය වෙනස් කොට නව සංවර්ධන මාවතක් රටට හදුනාවාදීම සඳහා සියළුදෙනා ඒකරාශී නවිය යුතු බවද අනුර දිසානායක මහතා අවධාරණය කළා.

විනාශයට කීකරු වීමේ ක‍්‍රමය වෙනුවට අකීකරුවීමේ ක‍්‍රමයක් ඇති කිරීමට නව බලවේගයක් නිර්මාණය කළ යුතු බවද අනුර කුමාර දිසානායක මහතා පැවැසුවා.

LEAVE A REPLY