කොළඹ නගරයේ ස්ථාන කිහිපයකට හා පාර්ලිමේන්තුවට බෝම්බ ප‍්‍රහාරයක් එල්්ල වීමේ අවදානමක් පවතින බවට 119 අංකයට දුරකතන ඇමතුමක් ලබාදුන් පුද්ගලයා විශේෂ පොලිස් කණ්ඩාමක් විසින් අත්අඩංගුවට ගත්තා. ඒ ඇල්ල ප‍්‍රදේශයේ කුලියට ලබා ගත් නිවසක ලැගුම්ගෙන සිටියදීයී.

පොලිසිය පවසන්නේ අනියත බියක් ඇති කරමින් සාමකාමී වාතාවරණය බිඳදැමීමේ කුමන්ත‍්‍රණයක් ලෙස මෙම සිද්ධිය හදුනාගෙන ඇති බවයි. අහමඞ් බාවා නැමැති 57 හැවිරිදි මෙම සැකකරු ඇල්ල ප‍්‍රදේශයේ තාවකාලිකව රැුදී සිටියද, ඔහු බොරැුල්ල ප‍්‍රදේශයේ ස්ථිර පදංචිකරුවෙකු බවටයි මූලික පරීක්‍ෂණවලින් අනාවරණ වී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා,

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ වන විට වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි.

LEAVE A REPLY