ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියාසිටියේ, අගුණකොළපැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, ජාත්‍යන්තර ලෝකය සමග ගනුදෙනු කළ හැකි පුද්ගලයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා.

ග්‍රාමීයව සිදුකරන දේ පිළිබඳ හඬ නගා කිසිදු ඵලක් නොමැති බවයි කතරගම කිරිවෙහෙර අභියස පිහිටි ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක මහතා කියාසිටියේ.

LEAVE A REPLY