ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 4.1 න් ශක්තිමත් වී තිබෙන බව ශී‍්‍ර ලංකා මහබැංකුව පවසනවා. ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 177 යි ශත 21 ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.

වෙළඳ ශේෂය පහත වැටීම, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික හිමිවීම යන කාරණා රැපියල ශක්තිමත් වීමට හේතවයි. ජූනි මාසය අවසන් වනවිට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 8.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි ශී‍්‍ර ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY