බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා.

ඊට ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු ඇතුළත් බව සඳහන්.

සංචිතය සදහා ලෝක කුසලානයට ක්‍රීඩා නොකළ ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, අමිල අපොන්සු සහ දසුන් ශානක නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජූලි 19 වනදා සිට මෙම සංචිතයේ ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කරනු ඇති.

අදාළ සංචිතයට ලෝක කුසලානය සදහා ක්‍රීඩා කළ ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩර්සේ සහ සුරංග ලක්මාල් නම් කර නැහැ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා කොළඹදී ආරම්භ වනවා.

LEAVE A REPLY