මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු චෝදනා 23ක් යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෆීස් සායිඞ් නම් මෙම සැකකරු පාකිස්තාන අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඉදිරියේදී ඔහුට විරුද්ධ නඩු විභාගය සිදු කිරීමට නියමිත අතර, ලක්ෂාර් ඊ ටයිබා නම් ත්‍රස්ත සංවිධානයේ නායකයාද මොහු වනවා.

පසුගිය වසර කිහිපයකදීම ඔහු වරින් වර අත්අඩංගුවට ගනු ලැබුවද චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදහස් වුණා.

කෙසේ වෙතත්, හෆීස් සායිඞ් ට විරුද්ධව මෙවර චෝදනා රැසක් පවතින බැවින් නිදහස්වීම අපහසු බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

2008 වසරේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 174 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 300 දෙනෙකු තුවාල ලැබුවා.

LEAVE A REPLY