ජපානයේ – කියෝතෝ නගරයේ සජීවිකරණ චිත්‍රාගාරයක හට ගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 33 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ උදෑසන චිත්‍රාගාර ගොඩනැගිල්ල වෙත කඩා වැදුණු පුද්ගලයෙකු පෙට්‍රල් වැනි යමක් ඉසීමත් සමග විශාල ගින්නක් හට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

අදාළ සැකකරු ද ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා ඇති බවද සඳහන්.

කෙසේ වෙතත්, ඔහු මේ වනවිට පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY