අයි එස් සංවිධානයට ආධාර මුදල් එක්රැස් කිරීමේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් 14 දෙනෙකුගේ නිවාස පරීක්ෂා කර තිබෙනවා.

තමිල්නාඩු ප්‍රාන්තයේ නිවාස රැසක් මෙලෙසද පරීක්ෂාවට ලක් කල බවයි ඉන්දීය ජාතික බුද්ධි කාර්යාංශය සඳහන් කළේ.

සැකකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මීට මාස 6 කට පමණ ඉහතදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් මාස 6 ක් එරට රැඳවුම් භාරයේ පසුවීමෙන් අනතුරුව පසුගිය සතියේදී ඉන්දියාවට පිටුවහල් කර එවා තිබුණා.

ඉන්දියාව තුළ සිදු කෙරන අයි එස් ත්‍රස්ත මර්දන මෙහෙයුම්වලට අදාළව චෙන්නායි, මදුරෙයි, රාමනාදපුරම් ඇතුලු ප්‍රදේශවල පිහිටා තිබූ ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමටයි ඉන්දීය බුද්ධි අංශ කටයුතු කර ඇත්තේ.

LEAVE A REPLY