නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන සැකකරුවන් ලබන 22 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රභූ ආරක්ෂකයින් බව කියන අදාළ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එහිදී අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිතාරා මීවලගේ මහත්මිය මහර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළේ, සැකකරුවන් ලබන 22 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි.

කලගෙඩිහේන ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගය හරස් කරමින් වෑන් රථයකට පහරදී එහි රියදුරුටද පහරදීමට තැත් කිරීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ඒ පිළිබද මහත් ආන්දෝලනයක් ඇතිවුණා.

පසුගිය 16වනදා මෙම පහරදීම සිදුව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දින දෙකේදී සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැණුනා.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY