ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස නම් කිරීමත් සමග දිවයින පුරා පී‍්‍රති උත්සව සංවිධාන කර තිබෙනවා. ප‍්‍රධාන නගරවල රතිඤ්ඤා දල්වමින් අධාරකරුවන් හා දේශපාලන නියෝජිතයින් විවිධ උත්සව සංවිධාන කර ඇති බව අප වාර්තාකරුවන් පැවැසුවා.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයින් පිරිසක් අද පැවැති පොදුජන පෙරමුණේ සම්මේලනයට සහභාගී වී තිබෙනවා. කෙසේ වෙතත් තිලංග සුමතිපාල මහතා අද නිවේදනය කළේ ප‍්‍රතිපත්තිමය කාරණා මත පදනම්ව තමන් මෙම සම්මේලනයට සහභාගී නොවූ බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි පැවැසුවා. පසුගියදා මෛති‍්‍ර – මහින්ද දෙපොල අතර පැවැති සාකච්ඡුාවේ දිගුවක් ලෙස මෙම සාකච්ඡුාව පැවැත්වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

LEAVE A REPLY