ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.

රට වැටි ඇති ප්‍රපාතයෙන් ඉදිරියට යා හැකි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් මෙහිදී පොදු ජන පෙරමුණ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

LEAVE A REPLY