හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අද දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22නිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ.

අද දහවල් 11.20ට පමණ පුත්තලම මාර්ගයේ තෝනිගල ගල් වංගුව අසල දී හෙරොයින් මිලිග්‍රෑම් 700 ක් ළඟ තබා ගෙන සිටියදි අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් වු මුරුක්කුවටවන, කරුවලගස්වැව පුත්තලම ලිපිනයේ පදිංචි කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.

LEAVE A REPLY