ගුවන් සරඹයක් සඳහා එක්ව සිටි කොලොම්බියානු ගුවන් භටයන් දෙදෙනෙක් ගුවනේ සිට ඇදවැටී මියගොස් තිඛෙනවා. ඔවුන් මෙලෙස බිම ඇද වැටී ඇත්තේ සුවහසක් ජනතාව එම ගුවන් සංදර්ශනය නරඹමින් සිටියදී වීම විශේෂත්වයක් .

ජාතික ධජය ගුවනේ ප්‍රදර්ශනය කරමින් සිටි ගුවන් භටයන් දෙදෙනෙක් හදිසියේ බිම ඇදවැටීමෙන් මියයාමේ සිදුවීමක් කොලොම්බියාවෙන් වාර්තා වුණා.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ වාර්ෂික මෙඩලීන් මල් සැණකෙලියේ පැවැති ගුවන් සරඹයක් අතරතුරදීයි.

ධජය හා සෙබළුන්, හෙලිකොප්ටර් යානාව සමගින් සම්බන්ධ කළ අදාළ කඹය හදිසියේ කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

LEAVE A REPLY