නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කලේ.

අදාළ ප්‍රදේශවලට ගතවූ පැය 24 ක කාලය තුළ නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලාබැසීම් හා පස් කන්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

LEAVE A REPLY