වත්මන් ආණ්ඩුව සංහිදියාව සහ ජාතික සමගිය ඇති කිරීම සම්බන්ධයෙන් පොරොන්දු දුන්න ද මේ වන විට රටේ සංහිදියාව බිදී ඇති බව ලංකා සම සමාජ පක්ෂය පවසනවා.

පසුගියදා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සහ ඊයේ දිනයේ දී බදුල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජනරැලියකදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් සංසන්දනාත්මක අදහස් ඉදිරිපත් කරමින් ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මෙලෙස කරුණු දක්වා තිබුණා.

LEAVE A REPLY