දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපර්තම්නේතුව පවසනවා.

මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල මි.මී.100 ට
වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවයි එම දෙපර්තම්නේතුව සදහන් කළේ

දකුණු පළාතේ සුළගේ වේගය පැ.කි.මී. 70 ක් දක්වා සුළගේ වේගය ඉහළ යා හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළගේ වේගයද පැ.කි.මී. 50ත් 60ත් දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතින බව සදහන්.

එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 65ත් 70ත් දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවුක ප්‍රජාව පවතින කාළගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙන්නේ.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වතු නිවාස පෙලකට ගල් පෙරලිමේ අවදානමක් ඇති වීමත් සමග වතු නිවාස 4 කට අයත් සමාජිකයන් 18 දෙනෙකු අරක්ෂිත ස්ථාන කරා යොමු කර තිඛෙනවා.

එමෙන්ම හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස පේලියකට පස් කන්දක් කඩා වැටීම හේතුවන් එම නිවාසවල සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක කලාපවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලූණු අධික වර්ෂාවත් සමග ඊයේ දහවල් සිට විවෘත කර තිබූ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනෙන් දෙකක් අද අලූයම වසා දමා එක් දොරටුවක් පමණක් තවදුරටත් විවෘත කර තිඛෙනවා.

ඊයේ දිනයට සාපේක්ෂව මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටද අද අලූයම වන විට පැවති අධික වර්ෂාව තරමක් අඩු වී ඇති බවයි වී එෆ් එම් හැටන් වාර්තාකරු සදහන් කළේ.

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලූනු අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු දෙකක් ඊයේ දිනයේ දී විවෘත කෙරුණු අතර අද අලූයම වන විට එය වසා දැමීමටයි ලක්ෂපාන ජල විදුලි බලාගාර ඉංජිනේරුවරුන් කටයුතු කර ඇත්තේ.

එමෙන්ම විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන අතර නෝර්ටන්බි්‍රජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයෙන් සහ මස්කෙළිය, ශ්‍රී පාද, නල්ලතන්නිය මාර්ගයේ මෝහිනි ඇල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඊයේ දිනයේදී පස් කදු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු
එක් මංතීරුවකට පමණක් සීමා කෙරුණු බවයි අප වාර්තාකරු වැඩිදුරටත්
කියා සිටියේ.

මේ අනුව පවතින වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවත්, ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස සිටින පදිංචිකරුවන් සහ කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන පුද්ගලයින් සැළකිලිමත්ව සිටින ලෙසයි එම විදුලි බලාගාර ඉංජිනේරුවරුන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY