දිවයිනේ තවත් ප්‍රදේශ රැසක ජනතාව වියළි කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටිනවා. පානීය ජලය සපයාගත නොහැකිව අපහසුතාවට පත්ව සිටින සංඛ්‍යාව හත් ලක්ෂයක්.

උතුරු පළාතේ ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බව ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එම සංඛ්‍යාව දෙලක්ෂ විසිපන්දහසකට ආසන්නයි.

එමෙන්ම වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින පොළොන්නරුව වැලිකන්ද ජනතාව වෙත පානීය ජලය ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි. එය මෙහෙයවනු ලබන්නේ වී එෆ් එම් සවියක් වී සමාජ සත්කාරය විසින්.

මේ වන විට වී එෆ් එම් සවියක් වී සමාජ සත්කාරය ස`දහා අප කාර්යය මණ්ඩලය කොළඹ සිට ජල බවුසර් රැගෙන වැලිකන්ද බලා පිටත් වී තිඛෙනවා.

හෙට දිනයට යෙදෙන නිකිණි පුර පසලොස්වක පොහොය දිනයේදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි මේ වන විට සියලූ කටයුතු සැලසුම් කර ඇත්තේ්.

පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ පවුල් හාරදහස් එකසිය පනස් අටකට අයත් පුද්ගලයින් 14,100 කට අධික පිරිසක් පානීය ජලය සපයා ගත නොහැකිව පීඩාවට පත්ව සිටිනවා.

එක් දිනකට ඔවුන්ගේ ජල පරිභෝජනය ලීටර් එක්ලක්ෂ හතලිස් පන්දහසක් පමණ වන බවද සදහන්. වී එෆ් එම් නාලිකාව විසින් ක්‍රියාත්මක කරන සවියක් වී සමාජ සත්්කාරයේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ පොළොන්නරුව වැලිකන්ද ජනතාවගේ පිපාසය සංසිදුවීමයි.

LEAVE A REPLY