2020 වසරේ ජනවාරි මාසය වන විට රාජ්‍ය සේවකයින්ගේ වැටුප තවදුරටත් වර්ධනය වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා. ජනවාරි වන විට සිදුවන වැටුප් වර්ධනය 107 % ක ප‍්‍රතිශතයක් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ.

වී එෆ් එම් ප‍්‍රවෘත්ති මේ පිළිබද කළ විමසීමක දී ඔහු සදහන් කළේ දීර්ඝ කාලයක් පුරා පැවති විශ‍්‍රාම වැටුප් ගැටලූ විසදීමට ද පියවර ගෙන ඇති බවයි. එමෙන්ම රාජ්‍ය සේවකයින් සදහා වැටුප් වර්ධක ලබාදීම සහ විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම යන කාරණාවලට අදාළ ලිපි ගොනු සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

LEAVE A REPLY